2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:08
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා දැඩි කම්පනයක් ඇති වුණු බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ එම හිමියන් සමඟ කිසිඳු පෞද්ගලික අමනාපයක් ආණ්ඩුවට නොමැති බවයි.
උන්වහන්සේ සිරගත කිරීමට අදාළව අධිකරණ තීන්දුවක් ලැබී ඇති බවත් එම තීන්දුවට අනුව නිලධාරීන් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.
ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසා සිටියේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර කටයුතු සිදු වන අන්දම ආණ්ඩුව නොදැන සිටි බවයි.
නමුත් මෙම සිද්ධියෙන් පසු ආණ්ඩුව ඒ පිළිබඳව හොඳීන් සොයා බැලූ බව ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ යම් යම් අපරාධයන්ට වැරදිකරුවන් වී භික්ෂූන් වහන්සේලා හැටතුන් නමක් මේ වන විට බන්ධනාගාරය ගත වී දඬුවම් ලබමින් සිටින බවයි.
බෞද්ධයින් ලෙස භික්ෂූන් වහන්සේ නමක් සිරගත වනවා දැකීමට මේ රටේ වාසය කරන සියල්ලොම අකමැති බව ඒ මහතා පවසා සිටියා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා රජය විසින් කමිටුවක් පත්කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මෙලෙස පැවසුවා.
“ ඇත්තටම මේ අපිට වුණත් කම්පනයක් තියෙනවා අපි දන්න හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රැඩිකල්භාවය ඒක වෙනයි. ඒක ඉතින් හාමුදුරුනමකගේ රැඩිකල්භාවයකුත් තියෙන්නේ ඕනා. ඉතින් ඒක නිසා ඒ හැර අපිට දකින හාමුදුරුවොත් එක්ක තියෙන කිසි ගැටලුවක් නෑ. නමුත් අපිට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච නීතිමය තත්වයක් යටතේ තමයි ඊට පස්සේ අධිකරණය තීන්දු දීලා තියෙන්නේ. ඉතින් ඒ අධිකරණ තීන්දුව අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ.
එතකොට අපි උනත් දන්නේ නෑ එහෙම බන්ධනාගාරෙ ඇතුලේ කොයි විදිහටද වැඩ කටයුතු කරන්නේ කියලා, එය සිද්ධියෙන් තමයි අපි දන්නේ. ඊට පස්සේ තමයි අපි මේ හොයලා බැලුවේ මොකක්ද කියලා. එතකොට බලාගෙන යනකොට අච්චු ලබපු හැටතුන් නමක්ම මේ බන්ධනාගාරේ ඉන්නවයි කියලා කියන්නේ. එතකොට අපි කොහොමත් කැමති නෑ ඒ දේට.
අපි බෞද්ධයෝ හැටියටත්, බෞද්ධ රටක් හැටියටත් එහෙම වෙනවට කැමති නෑ. එහෙම වෙනවට කියලා කියන්නේ අපි හාමුදුරුනමක් වැරැද්දක් කරනවා කියලා දකින්න වුණත් අපි කැමති නෑනේ. අපි පෘථග්ජන මිනිස්සු හැටියට. ඉතින් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති සම්පාදනය සඳහා සති දෙකක් ඇතුලත කටයුතු කරයි. ඒකට කමිටුවක් පත් කරලා දැන් තියෙන්නේ.”
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:06
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26