hit counter

2025 ජූනි මස 18 වන බදාදා

2025 ජූනි 19, පෙ.ව. 12:04



පසුගියදා නිමාවට පත්වුණු ඉරගිනි මද්දහන ටෙලි නිර්මාණයේ, ‘බේබි නෝනා’ චරිතය ප්‍රේක්ෂකයින් හමුවට රැගෙන ආවේ ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මිය විසින්.

ඈ සිය චරිතයට ලද ප්‍රතිචාර බොහෝමයි.

මේ, ඒ පිළිබඳවත් සමස්ත නිර්මාණය පිළිබඳවත් රූපා පතිරණ විසින් තබන ලද සටහනයි…..

”මෑත කාලීනව මා රඟපෑ අතිශය රමණීය ටෙලි නිර්මාණයක් විදියට ඉර ගිනි මද්දහන මා හඳුන්වනවා. එහි ” බේබි නෝනා” ගේ චරිතය ප්‍රේක්ෂකයන් ලෙස ඔබ වැළඳගත් ආකාරය හා එහිදී මා ලද ඇණුම් බැණුම් සේම පැසසුම්ද බොහෝයි. ඒ සියල්ලම මගේ වගකීම හරියට ඉටු කළ බවට මටම සහතික කරන අදහස්..

බේබි නැන්දා කියන්නේ තරුණ කාලයේ සිටම තමන්ගේ දියණිය සහ මිය ගිය අයියාගේ පුතා වන මහතුන්ව ද හදාගෙන පාඩුවේ ගමේ ජීවත් වූ කාන්තාවක්. නමුත් ඇයට තමන්ගේ දියණිය විසින් ජීවිතයේ වරද්දා ගන්නා එක් තැනකදී තවදුරටත් ජීවිතය කළින් ගෙවූ ආකාරයට ගෙවීමට නොහැකි වෙනවා..

ජීවිතේ වරද්දා ගත් ඕනෑම දුවෙකුගේ මවක සිදු කරන දේවල් බේබි නෝනා විසින් ද කරනවා. දරුවෙක් එක්ක තනිවෙන තමන්ගේ එකම දුක කාංචනාව මහතුන්ට පටළවන්නට ඇය දරණ උත්සාහය සියල්ල අවසානයේ අසාර්ථක වන්නේ සමන්තා නැවත නිවසට පැමිණි නිසා නොවෙයි. මහතුන් තුළ සමන්තා ගැන පැවතුණ අමිල ආදරය නිසා කියලයි මම හිතන්නේ..

කෙසේ වුවත් ඒ රංගනය වෙනුවන් ජනතා සම්මාන රාශියක් මේ කාලය පුරාම මා ලැබුවා. එයට මගෙ හද පිරි ආදරය ,ස්තුතිය මම ආදරණීය ප්‍රේක්ෂක ඔබට පුද කරනවා. ඒ වගේමහැමදාමත් මාව දිරි ගන්වපු Lalith Rohitha Edirisinghe මල්ලි ඇතුළු ඉරගිනි මද්දහන මගේ රංගන ශිල්පීන් කණ්ඩායමටත්, Amal Attanayake ඔබ මම ගැන දිගින් දිගටම ලිව්වා වගේම එදා රූපවාහිනියේදී ද මා මතක් කළා. එයට ද ස්තුතියි..

එදා මෙදාතුර රංගන ජීවිතයේ කඩයිම සටහන් කළ ඉරගිනි මද්දහන මින් නිමා නොවේවි. දහසකුත් බේබි නෝනලා, මහතුන්, බන්ඩාරේ, සමන්තා වගේම කාංචනාලා. බිහි වේවි. ඉර ගිනි මද්දහනේ අපි හැමෝම මේ ජීවිත ගමන තව තවත් ඇවිද යාවි. ඒ ගමනේ දී තවත් මෙවන් චරිතයකින් ඔබව මුණ ගැසෙන බව පමණක් මම ඔබට කියමි.

මම,

ඔබේ ආදර

බේබි නෝනා..

(රූපා පතිරණ)”

උපුටාගැනීම : Rupa Pathirana ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: