2026 ජනවාරි 21, පෙ.ව. 11:59
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය 01/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.
මේ සදහා ඇය 01/21 දින අලුයම 03.00 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් , තවත් වෙනත් ගුවන් යානයකින් ලාස්වේගාස් නුවර වෙත යාමට නියමිතය.
ඇයට සුභ පැතීම සදහා මෙම වැඩසටහනේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .





2026 ජනවාරි 21, පෙ.ව. 10:27
2026 ජනවාරි 21, පෙ.ව. 12:35
2026 ජනවාරි 21, පෙ.ව. 12:13
2026 ජනවාරි 21, පෙ.ව. 12:09
2026 ජනවාරි 20, ප.ව. 1:29
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26