hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:03



කවුරුත් ආදරය කරන තවත් එක් තාරකාවක් තමයි දුෂේනි මියුරංගි කියන්නේ..

ඇය කාලයෙන් කාලයට විවිධ චරිත එක්ක දැකගන්න ලැබෙනවා..

දුෂේනිගේ කලා ජීවිතයේ ඇයට හිමිවුණු ලොකුම ආශිර්වාදය ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයින් කිව්වොත් ඒකේ වරදක් නැහැ..

ඉතින් ඒ ලැබෙන ප්‍රේක්ෂක ආරදය ගැන ඇය මෙන්න මේ විදිහට සති අන්ත පුවත්පතකට කියලා තිබුණා..

“ඒක මම හිතන්නේ බොහොම කලාතුරකින් ලැබෙන ආදරයක්. මටත් හිතාගන්න බැරි වුණා. මම සමාජ මාධ්‍යවල මගේ ෆොටෝ එකක්වත් නොදා ඉන්නකොටත් ඒ අය මාව ඉල්ලුවා. ඒ කියන්නේ මාව පෙනුණාම විතරක් නෙවෙයි මට ආදරේ කරන්නේ. මම එයාලගේ හදවතේ ඉන්නවා. ඒක නිසාම මම හිතුවේ ටෙලි නිර්මාණයකින් නැවත එන්න. ටෙලි නිර්මාණ තමයි මිනිසුන්ගේ ගෙදරට එන්නේ. ඒ ආදරේ බොහොම වාසනාවක්. මට තියෙන ලොකුම ධනය ප්‍රේක්ෂකයන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: