2023 මාර්තු 29, ප.ව. 3:57
රත්නපුර ඇලපාත නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට දියපහරක තිබී මළ සිරුරක් හමු වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර උඩනිරිඇල්ල, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 25 ක් වන සචිනි ජිනාදරී ජයසිංහ නමැති උපාධිධාරිනියක් බව ද පොලිසිය පවසයි.
මෙම කාන්තාව 27 වන දින පෙරවරු 6.30 ට පමණ සිය නිවසින් හිදැල්ලන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාව සඳහා සුපුරුදු පරිදි පිටව ගොස් ඇති බවත්, ඇය විවාහ වී සිටින පෙම්වතා මෙදින පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති මුත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කාන්තාවගේ දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.
පසුව දෙමාපියන් විසින්ද දියණියට දුරකථන ඇමතුමක් දී ඇති නමුත් එයට ද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මේ සම්බන්ධව පුද්ගලික ආයතනයට ද දැනුම් දීමක් කර දියණිය පැමිණියාද යන්න විමසා තිබෙනවා.
ඇය සේවය කරනු ලබන ආයතනයට ද පැමිණ නොමැති නිසා ඇලපාත පොලිසියට පැමිණිල්ලක් කර ප්‍රදේශය පුරාම දියණිය සෙවීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පසුව ඇලපාත පොලිසිය ද එක්වී මෙම කාන්තාව සෙවීමට පියවර ගෙන තිබෙනවා.
පසුව නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට වන වදුලකින් වැසී ඇති දිය පහරක මෙම කාන්තාව කනුවක ගැටගසා තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.
මේ සම්බන්ධව ඇලපාත පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව 27 වන දින සවස රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා විසින් කාන්තාවගේ මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරුණා.
මෙසේ මියගොස් ඇති කාන්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිය අවසන් කර උපාධි ප්‍රදානෝත්සවයට ඉදිරියේදී සහභාගිවීමට බලාපොරොත්තු තබා ගෙන සිටි බව ද තම දියණියගේ අභාවය ගැන හැඬූ කඳුළින් අදහස් දැක්වූ ඇයගේ මව වන දීපා ශ්‍රියාලතා මහත්මිය මෙසේ පැවසුවා.
“අපි කවදාවත් හීනෙකින්වයත් මෙවන් අකල් මරණයකට දුවට මුහුණ දෙන්න සිදුවෙයි කියා හිතුවේ නැහැ. අපේ වැඩිමල් දුව ගමේත්, දෙමාපියන්ගේත්, ඥාතීන්ගේත් හිත් දිනාගෙන කිසිවෙකුට කරදරයක් නොමැතිව ජීවත්වූ දියණියක්. උපාධිය සමත්වෙලා උපාධි ප්‍රදානෝත්සවයට ඉදිරියේදී යන්න පුදුම ආශාවකින් හිටියේ. උත්සවය එනතෙක් පුද්ගලික ආයතනයක සේවයට ගියා. දියණිය විවාහ වෙන්නත් ලබන වසරේදී කටයුතු කරගෙන හිටියේ. දුව මට හැමදේම කියනවා. දුවට තරහකාරයෝත් නැහැ. අද උදේත් මට වැඳලා ගියේ. මම දලු කඩන්න ගියා. එහිදී තමයි මට කෝල් එකක් ආවේ දුව වැඩපලට ගිහින් නැහැ. මොකද නැත්තේ කියා. දුව බඳින්න ඉන්න පුතාත් දුවට කෝල් එකක් දීලා. කතා කරන්නේ නැති නිසා අපි දුව හොයන්න හැදුවා. පස්සේ තමයි බෝක්කුව අසල දිය පහරක මියගිහින් කියලා කීවේ. මෙවන් අපරාධ වෙන්න ඉඩ තියන්න එපා. මේ ගමේ තවත් දරුවන් සිටිනවා. මේකට සාධාරණයක් ඉටුකරන්න කියා අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24