hit counter

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

2024 ජනවාරි 22, ප.ව. 6:32



උදෑසන බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී කොළ පැහැති කැබ් රථයකින් පැමිණ ඩිෆෙන්ඩර් රථයක සිටි පිරිසකට එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ‘අපේ ජනබල පක්ෂයේ’ නායක සමන් පෙරේරා නඩු කටයුත්තකට සහභාගී වීමට යන අතරතුරදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සහ වෙඩිතැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: