hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 මැයි 02, පෙ.ව. 12:04



පහුගිය දවසක සමිතාගේ ආදරණීය පි‍යා මෙලොව හැරගියා. ඒ කියන්නේ කවීගේ ආදරණීය සීයා.

ඉතින් තමන්ගෙ අම්මා කොහොමද සීයාව බලාගත්තෙ කියලා කවී හරි සංවේදී සටහනක් තබා තිබුණා.

ඒ, ඈ අම්මාවත් හරි ආදරෙන් බලාගන්නා බවට පොරොන්දු වෙමින්…

”මගෙ දෙයියෝ ඔයා අම්මා, තාත්තා ව බැලුව විදිහට මම දැකලා නෑ වෙන කෙනෙක් ඔහොම අම්මා, තාත්තා ව ආදරෙන් බලාගන්නවා…

ඔයාට ලෝකායා මොනා කිව්වත් ඔයා පුදුම දුවක්, එයාලා ලබන්න ඔයා පිං කරලා තියෙනවා වගේම, ඔයා ව ලබන්නත් එයාලා පිං කරලා තියෙනවා මගෙ රත්තරං පණ!

ඔයාට ජීවිතේ හැම තප්පරයක්ම හරියනවා.

ඔයාව මම මගේ ඇස් දෙක වගේ බලාගන්නවා…

දැන් මගේ හයියට අපේ ගෙදර මල්ලි, චීනෝ, ඔයාගෙ දනී බබා… අපි ඔක්කොම ඉන්නවා…

ඔයා උතුම් අම්මා කෙනෙක්!

මට ඔයාගෙ දුව වෙන්න ලැබුන එක තමා මගේ ජීවිතේ වටිනාම දේ!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: