hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 24, පෙ.ව. 4:37



අද දිනයේ කහ වර්ණයෙන් සැරසී පැමිණ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පැවසුවා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය පළකිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙන මෙම කටයුත්ත ඉතාමත් හොඳ දෙයක් බවයි මේ පිලිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මහතා,

“අපි යම්කිසි සහයෝගයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙනවානම් ඒක හොඳ දෙයක්. නරක දෙයක් නෙවෙයි කහපාට ඇඳලා එන්න පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඒ සහයෝගය දෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ආපු නිසා ඒ අයට ස්තූතිය පළකරන්න නේ මේක කරන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.”

මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කළ නොහැකි බව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් පවසයි.

ආරෝන්ච් ෆින්ච් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

“ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ.  ඔවුන් එද්දී (අද  තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්” යැයි ෆින්ච් සඳහන් කරයි.