hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:18



මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍යයක් තමයි ‘දිවිතුරා’ කියන්නෙ.

ඉතින් දිවිතුරාහි රඟපාන ටීනා කියන චරිතය ඔබට මතක ඇති.

මේ චරිතයට පණපොවන්නේ සංජානා ඔනාලි ගමාරච්චි.

ඉතින් පසුගිය දවස්වල නම් ඇය පිළිබඳව බොහෝ කතා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය වුණා.

කොහොම වුණත් ඒ සියල්ල සම සිතින් විඳ දරාගෙන බොහොම සාර්ථක ගමනක් රංගන ජීවිතය තුළ ඇය මේ වන විට යමින් සිටිනවා.

අවුරුදු කුමරියක් ලෙස කිරුළු පළඳින ඇය පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් උදාකර ගන්නවා.

ඉතින් ඒ සමගම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට රංගන හැකියාවන් ඔස්සේ වගේම ඇගේ රූප සම්පත්තිය නිසාත් ඇයට හැකියාව ලැබෙනවා.

නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරෙන ඇය මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙනවා.

පසුගිය දවස්වල BMW කතාවක් සමග ඇය ජනතාව අතර බොහෝ කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් ඇය නම් කියන්නේ එවැනි කතාවක් ඇය ප්‍රකාශ කළේ නැති බවයි.

ඉතින් පසුගියදා සිංගප්පූරුවට ගියපු සංජානට ඇයගේ ආදරණීය පෙම්වතාගෙන් සෙනෙහෙබර විවාහ යෝජනාව එනවා.

ඉතින් හරි ලස්සනට අපූරුවට මේ පෙම්වතා තමන්ගේ ආදරණීය පෙම්වතිය වන සංජානව සෆ්ප්‍රයිස්  කරන්න සිංගප්පූරුවේ හරි ලස්සන සුන්දර තැනක් තෝරාගෙන තිබුණා.

ඇයට මේ සුරූපී කඩවසම් පෙම්වතාව හම්බවෙලා තියෙන්නේ යාළුවෙක්ගේ මාර්ගයෙන්.

ඒ විදියට හමු වුණු විහගයි සංජානයි සති දෙකක් වගේ ඉතාම කෙටි කාලයකදී විවාහ ගිවිස ගැනීම සූදානම් කරගෙන සාර්ථකව එය සිදු කරනවා.

ඉතින් හිනාවෙලා සතුටින් ඉන්න සංජානගේ අම්මගේ සමුගැනීමත් එක්ක ඇය ජීවිතයේ ලොකු පසුබෑමකට ලක් වෙනවා.

ඉතින් ඒ අමිහිරි ජීවිතය ගැන ඇය මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මයි තාත්තයි ගුවන් හමුදාවේ වැඩ කලේ. එයාලා මාව හැදුවෙ ගොඩක් ආරක්ෂා කරලා. ඉතින් මාව ක්ලාස් එකකට පවා ඇරියෙ නෑ. ඒ හැමදේම කලේ අපේ ගෙදරට ගෙන්නලා. ඉතින් අපේ අම්මා නැති වෙන්නේ පිලිකාවක් හැදිලා. මහරගම පිලිකා රෝහලෙන් හැම සතියකම ඉන්ජෙක්ෂන් එකක් ගන්න තිබුණා. ඉතින් හැමදාම ඒක රෝහලේ නෑ. නැති වුනාම අපි ඒක ෆාමසියෙන් අරන් විදින්න ඕන. අපි ගොඩක් මහන්සි වුණා අම්මව බේරගන්න.

ඉතින් අදටත් මම අම්ම නැති වුණ අවුරුද්දෙ ඉදන් මහරගම පිලිකා රෝහලේ ළමා වාට්ටුවට කිරි පැකට් බෙදනවා. ඒ මට පුලුවන් හැටියට. හැම උපන්දිනේකටම මම ඒ දේ කරනවා. මම කැමතියි මට පුලුවන් වුණ කාලෙක මුලු රෝහලටම කිරි පැකට් බෙදන්න. මම කියන්නේ සල්ලි නැතුව ලුණුයි බතුයි කාල ඉමු කියලා පටන් ගන්න රිලේෂන්ශිප් සාර්ථක වෙන්නේ නෑ. මම කියන හැමදේම ගොඩක් කට්ටිය තේරුම් ගන්නේ වැරදියට.”