hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 26, පෙ.ව. 12:02



ලලයි ලිලයි ලයි හි තාරකා ඉබ්බා මේ දවස්වල කා අතරත් ජනප්‍රිය චරිතයක්. මේ චරිතය කරන්නේ නව පරපුරේ දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන සංජය මොරමුදලි.

සංජය එකිනෙකට වෙනස් වූ චරිත තුළින් මේ දිනවල ආදරණීය ප්‍රේක්ෂකයින් අතරට එනවා.

ඒ එක්කම සංජය මොරමුදලිගේ ආදර කතාවක් ගැනත් පැතිර යනවා.

ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ජාවක එක්වෙමින් සංජය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

මේ වෙද්දී ආදරවන්තයෙක්නේ.. ඒ ආදරේ ගැන කතාව ගැනත් කියමුද?

ආදරේ ගැන කතා කරන්න ආසයි. ආදරේ විඳින්න ආසයි. ආදරේ කරන්න ආසයි. නමුත් මම ආදරවන්තයෙක් ද නැද්ද කියන එක මගේ ප්‍රේක්ෂකයින්ට වැදගත් වෙයි කියලා හිතන්නේ නෑ. මොකද අපි කරන නිර්මාණ දිහයි මිනිස්සු බලන්නේ. එතකොට අපි අපේ කාලයෙන් වැඩි කොටසක් වෙන් කරන්නේ මේ ක්ෂේත්‍රයේ කලා නිර්මාණ වෙනුවෙන්. අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් පිනවන්න. ඒ නිසා මම අාදරවන්තයෙක් ද කියන එක ගැන මම කොතැනකදීවත් කතා කරලා නැහැ.

අපූර්වා ගැන කිව්වොත්?

අපූර්වා කියන්නේ අපේ සංගීත ලෝකයට පායපු හොඳ තරුවක්. ඇය ආදරේ කරන්න හොඳම කෙනා කියලා මම කොයි වෙලාවකවත් හිතලා නැහැ. නමුත් ඇය ඉතාමත් හොඳ කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට ආදරේ කරන්න සහ ඒ වගේ කෙනෙක්ගෙන් ආදරේ ලැබෙනවා නම් ඉතාමත් සතුටක්.

ඇයගේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ මොනවද?

මම කාවවත් වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. තම තමන්ගේ හැටියට ඕන කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන්. ඇයට හොඳ ගමනක් තියෙයි. ඒ වෙනුවෙන් ඕන වෙලාවක අපෙන් විය යුතු සහාය අපි ලබා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: