hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:18



ආපදාව අවස්ථාවේ ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳ ඉන්දියාවට ස්තූතිවන්ත වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සඳහන් කළේ ඉන්දීය විදේශ කටයුතු එස්. ජයශංකර් ඇමරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් රැගෙන පසුගියදා දිවයිනට පැමිණි බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබාදුන් බව පෙන්වා දුන් හෙතෙම බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කටයුතු කළ සමයේ ඩොලර් බිලියන 4ක ණය පහසුකමක් ලබා දුන් බව ද සිහිපත් කළේය.

කෙසේ වුව ද වර්තමාන ආණ්ඩුවට දරුණු ආපදා තත්ත්වය හමුවේ පවා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාගැනීමට අසමත්ව ඇති බවත් මෙවර ලැබී ඇත්තේ ඩොලර් මිලියන 350ක ණයක් සහ මිලියන 100ක සහනාධාරයක් පමණක් බවත් පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: