hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:17



රටේ සුනඛ ගහනය පිළිබඳ අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී එකිනෙකට වෙනස් සහ පරස්පර සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම මේ වන විට සමාජ මාධ්‍යවල සාකච්ඡාවක් නිර්මාණය කර ඇත.

පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ, මෙරට වත්මන් සුනඛ ගහනය ලක්ෂ 32කට ආසන්න බවයි. එය ඉතා ඉහළ සංඛ්‍යාවක් බව පෙන්වා දුන් ඔහු, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා දැනටමත් ක්‍රමවේදයක් පවතින බවත්, ඊට යම් ගාස්තුවක් අය කෙරෙන බවද සඳහන් කළේය.

එමෙන්ම, මහමඟ සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් පැනවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වෙනස් සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කළ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ප්‍රකාශ කළේ, මෙරට සමස්ත සුනඛ ගහනය ලක්ෂ දෙකක් පමණ වන බවයි. රටේ සුනඛ ගහනය නිසි ලෙස පාලනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: