2024 අගෝස්තු 20, පෙ.ව. 12:04
අමු සිංදු එක්ක කරළියට ආව ජනප්රිය චරිතයකි, ගායක සංජීව් ලෝන්ලියෙස්.
මෑත කාලීනව සංජීව් වඩාත් කතාබහට ලක්වුණේ පිටකවරේ අමු සිංදුවත් එක්ක.
ගීතය කෙතරම් ජනප්රිය වුණාද කියනවා නම්, බොහෝදෙනාගේ නිතර මුවග රැව්දෙන වචන ”පිටකවරේ” ගැබ්වෙලා තිබුණා.
සංජීව්ගේ හඬ මුසු එහි පද රචනා කර තිබුණේ, අත්තිඩියේ පුඤ්ඤරතන හිමි.
කොහොම නමුත් අත්තිඩියේ පුඤ්ඤරතන හිමි විසින් සිය ෆේස්බුක් ගිණුම තුළ ඉතා දීර්ඝව ගීතයේ කතෘ භාගය පිළිබඳව සටහනක් තියලා.
මේ කතාබහෙන් පස්සෙ සංජීව් ලෝන්ලියෙස් ද සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එකතු කර තිබෙනවා.
ඒ තමන්ට එල්ල වන චෝදනාව ගැන පැහැදිලි කිරීමක් සහිතව.
ඊට අනුව ඔහු මතු කරලා තිබුණෙ, තමන් මේ ගීතය හරහා කිසිදු අසාධරණ ඉපයීමක් නොකළ වග.
ඒත් එක්කම කතෘ භාගය නොදී සිටීමට තමන් උත්සාහයක් නොගත් බවත් සංජීව් පෙන්වලා දීලා.
කොහොම නමුත් මේ කතාබහත් එක්ක තමන් ගත්ත තීරණයක් ගැනත් ඔහු අවධාරණයෙන් කියලා තිබුණා.
ඒ, මින් පසු තමන් අන් අයගේ පද රචනාවන් භාර නොගන්නා බව !
”හැම කතාවකම දෙපැත්තක් තියෙනවා… මේ වීඩියෝ එක දැම්මෙ ඒ හින්දා..
උඹල මේක අහලා තීරණය කරපල්ලා මචෝ..
කාලෙන් කාලෙට එක එක හේතු ඉස්සරහට දාගෙන පුලුවන් තරම් අපිට මඩ ගහනවා…
පාඩුවේ කලාවක් වත් කරන්න දෙන්නෙ නැති පාටක් පෙන්නෙ…
ඇත්තටම කලකිරුණා මචන්…”
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25