hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:01



ඇය ගැන අද කවුරුත් කතා වෙනවා.. සරණි දුල්වින්‍යා.. මේ කවුද..? 

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අලුත් කරමින් ඇය කොළඹ සරසවියේ ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වුණා.. මේ තැනට ශිෂ්‍යාවක් පත්වූ මුල්ම අවස්ථාව මෙයයි..

ඉතින් මෙය ඇත්තටම වෙනසක්.. මේ තරම් කාලයක් ශිෂ්‍ය ව්‍යාපාරවලදී අසන්නට නොලැබුණු කාරණයක්..

ඇයට එවන් අභියෝගයක් බාරදුන්න කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුන් ඇයත් සමඟ නිරන්තර‍යෙන් රැදේවි..

ඇගේ දේශපාලන ඉතිහාසය, ඇගේ පෞද්ගලික මත මොහොතකට පසෙක තබා ශිෂ්‍යාවක් ලෙස ඇය ආ ගමන, භාරගත් අභියෝගය ගැන අද හැම දෙනාම කතා කරනවා..

කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවුණු මේ වෙනස්කම ඇත්තටම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ආදර්ශයක් සැපයීමට හොඳ නිදසුනක් වේවි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: