hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 3:45



ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල රත්මල් ගහඇල කනිෂ්ඨ විදුහලේ දරුවන් ගොඩනැගිලි හිගය නිසා පොල් අතු හා ලෑලි වටකර ඇති පන්ති කාමරවල හා කඩා ඉවත් කිරීමට ඇති ගොඩනැගිලිවල අඩුපාඩු වලින් ගහනව දැඩි අපහසුතා මධ්‍යයේ අකුරු කිරීමට සිදුව තිබෙන බව දෙමාපියෝ පවසනවා.

මේ හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන් ද දෙමාපියන් ද දැඩි පීඩනයකට පත්ව සිටින බව ඔවුන් පවසයි.

රත්මල්ගහඇල විද්‍යාලයේ 6 වැනි පන්තිය පවත්වනු ලබන්නේ විද්‍යාලයේ ක්‍රීඩාගාරයේ තාවකාලික පොල් අතු වටකර සහ ලෑලි වටකර ඇති කාමරයක වීම විශේෂත්වයක්..

එමෙන්ම විද්‍යාලයේ 11 වැනි වසර සහ සංගීත කාමරය තවත් පන්ති කීපයක් පවත්වාගෙන යනු ලබන්නේ මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් දරුවන් ගේ ආරක්ෂාව සඳහා භාවිතයෙන් ඉවත්කරන ලද වසර සියයකට පමණ පැරණි   ගොඩනැඟිල්ලක  වීම විශේෂත්වයක් බව දෙමාපියෝ පවසයි.

මෙම ගොඩනැගිල්ලේ පන්තිකාමර වල වේයන්ගේ හුබස් බැද විවිධ සර්පයින් පන්ති කාමරයේ සිටින බව සිසුහු මෙන් ම ගුරුවරු ද පවසනවා.

වහලය මෙන්ම බිත්ති සියල්ල දිරාපත්ව කඩාවැටීම ආසන්නව පවතින මෙම ගොඩනැගිල්ලේ අවදානම නොතකා  දෙමව්පියන් විසින් ඉතා සූක්ෂම ලෙස අලුත්වැඩියා කර ගෙන තිබෙන බව දෙමාපියෝ කියයි.

මෙම විද්‍යාලයේ සංගීත කාමරයේ සංගීතය උගන්වන්නට කිසිදු උපකරණයක් නොමැති බවත් නැටුම් කාමරයේ ඇති එකම  බෙරය ද එක පැත්තක් කැඩී ගොස් තනි පැත්තකින් නගන තාලයට දරුවන්ට නැටුම් උගන්වන බව ගුරුවරු පවසයි.

එමෙන්ම කුඩා ලෑලි මඩුවක පොල් අතු වටකරගෙන පවත්වාගෙන යන පන්තියේ සිසු දරු දැරියන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ ඔවුන්ට අකුරු කරන්නට එකම එක පන්ති කාමරයක් තනා ගැනීම බව එම දරුවෝ පවසයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස