hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2023 ජූලි 27, පෙ.ව. 12:02



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ශලනිගේ නම මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ගැටලුවට ඈදිලා තියෙනවා කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

හැබැයි ශලනි නම් මේවා තබ සතේකට ගණන් ගන්නේ නැති පාටක් තමයි ඇයගේ මුහුණුපොත බැලුවාම නම් පේන්නේ.

කාලෙන් කාලෙට මාතෘකාවක් වෙන ශලනිට ඇත්තටම අපලයක්ද?

ශලනි නම් හිතාගෙන ඉන්නේ අපලයක් කියලලු.

ඒ නිසාම ඔන්න ශලනිගේ අපල දුරු වේවා කියලා එයා ෆේස්බුක් එකේ සටහනක් දාලා.

හැබැයි රසිකයෙකුත් අපූරූ කමෙන්ටුවකුත් ඒ ඡායාරූපයට එකතු කරලා තිබුනා.

“ඔයාට අපල නෑ අපිටයි අපල…. ඔයාල වගෙ තව 10ක් 15ක් හිටියොත් ඇති ලංකාවටම අපල වෙන්න… සිරාවටම මම ආසම නිළියක් ඔයා..ඒත් ඉතින් දැන් අනෙ මන්දා…මේ වගෙ මෝඩ පෝස්ට් දාන්නෙ නැතුව ඇත්ත නැත්ත කතා කරා නම් ඉවරයි නේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: