hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 30, ප.ව. 3:57



2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත් වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ විපතට පත් වූවන් වෙනුවෙන් ඉරිපත් වූ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් උපහාර පිදීමක් සිදු කෙරුණා.

එහිදී ෂේන් වෝන් වෙනුවෙන් සකස් කරන ලද සමරු ඵලකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි වෙත පිරි නැමීමක් ද සිදු කෙරුණා.

“ෂේන් වෝන් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ අද්විතීය ක්‍රීඩකයෙකු ලෙසින්ද, මනුෂ්‍යත්වයේ උත්තම පුරුෂයෙකු ලෙසින්ද ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සදා ජීවමාන වනු ඇත” යන්න එම ඵලකයේ සඳහන් කර තිබෙනවා.

1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොමේෂ් කලුවිතාරණ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන යන මහත්වරුන් ෂේන් වෝන් අනුස්මරණ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.