hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 04, ප.ව. 8:55



මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට මිය ගිය දැවැන්ත මිණි මුතු මෝරෙකු ගොඩ ගසා තිබූ බවට මුලතිව් ධීවරයින් පවසනවා.

වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින මෙම මිණි මුතු මෝර විශේෂය ඉතා දුර්ලභ ඝණයේ මෝරෙකු වන අතර ශ්‍රී ලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වෙයි.

මුලතිව් අලම්පිල් මුහුදු වෙරලට මෙම මිණි මුතු මෝරා අඩි 20 ක් පමණ දිගින් යුක්ත වන අතර සිරුර ගොඩ ගැසීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ බව මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලයට දැනුම් දී වනජීවී නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

මෝර පවුලේ විශාලතම වර්ගයකට අයත් මෙම මිණිමුතු මෝරා අවුරුදු 70ත් 100 ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බැවින් මෙම මෝරා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලට හසු වීමෙන් තුවාල ලබා මියගොස් අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගසන්නට ඇති බවට මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පවසනවා.