hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 10, පෙ.ව. 6:58



සුන්දර නිළි, නිරූපණ ශිල්පිනි ශිරෝෂි රොමේෂිකා පසුගිය දිනෙක මුහුණ පෑ මාරක රියඅනතුර ඔබට මතක ඇති.

මෙම අනතුරින් අනතුරුව ජීවිත අවදානමේ සිටි ඇය මේ වන විට සුවය ලබා ඇති බවයි අපට වාර්තා වන්නේ.

කළුතර මුහුදු තීරයේ දී ජෙට්ස් කී රථයක් ධාවනය කරන අතරතුරදී යි ඇය මෙම මාරක අනතුරට ලක්ව ඇත්තේ.

නොසිතූ විදිහට සිදුවුණ මේ අනතුර අදටත් ඇයගේ ජීවිතයට අමතක වෙන්නට සිදුවීමක් කියලා කියලා ඇය සඳහන් කළා.

ඉතින් ඒ විදියට අදහස් දක්වන ඇය අනතුරට ලක්වෙන මොහොතේත් ආදරණීය දියණියකගේ මවක්.

ඉතින් මේ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඇයට දියණියක් මතක් වෙලා තියනවා.

ඒ හැඟීම ගැන ශිරෝෂි පුවත්පතකට කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ දරුවාට මාව ආපහු ලබා දුන්න එක ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි.මොකද එදා මගේ ජීවිතේ නැති වුණා නම් එහි ලොකුම පාඩුව මගේ දරුවාට.ඒ නිසා මගේ දරුවාට අම්මව නැවත ලබා දුන්න එක ගැන දෙවියන් වහන්සේට මම ගොඩක් ස්තුති කරනවා.ඒ වගේම මා වෙනුවෙන් වෙහෙසුනු නාගොඩ රෝහලේ සහ නවලෝක රෝහලේ වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට මගේ පවුලේ අයට අමල්ට සහ මගේ පවුලේ අයටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ මට සුවය පතල මුහුණළ මුහුණ පොතට පෝස්ට් පළ කරපු අයට මා වෙනුවෙන් දේවමෙහෙයන් බෝධි පූජා ආදී තිබ්බ අයට සියලුම දෙනාට ස්තුතියි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: