hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 23, පෙ.ව. 12:02



චන්ද්‍රලේකා පෙරේරා කියන්නේ ලංකාවේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු සුවිශේෂී කටහඬකට උරුමකම් කියන ගායිකාවක්. ඇය විවාහ වුණේ ඔබ අපි කවුරුත් දන්න ආදරණීය ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලක සමඟ.

නමුත් රූකාන්ත එක්ක විවාහ ජීවිතයකට යන්න කලින් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය පවුල් ජීවිතයක් ගත කරපු කෙනෙක්.එය විවාහ ජීවිතයෙන් ඇයට දරුවන් සිටියා.ඒ අතරින් ඇයගේ වැඩිමහල් දියණිය තමයි ශයාමි නදීශා කියන්නේ.ඇය රයිනි සහ වින්ඩිගේ වැඩිමහල් සහෝදරිය.

ඉතින් මේගොල්ලෝ සහෝදර සහෝදරියන් විදිහට බොහෝම සමගියෙන් කාලය ගත කරනවා. ඒ වගේම තමයි හැමදාම සතියකට එකපාරක් හරි හැමෝම වීඩියෝ කෝල් ඇරගෙන කතා කරන්න අමතක කරන්නෙත් නැහැලු.ඒ දේවල් එක්ක ජීවිතේ ඉතාමත් සාර්ථකව ගත කරන ඇය වර්තමානයේ අලුත්ම ජීවන තොරතුරු ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“එයාගෙ නම සුසන්ත. මට සුසන්තව හමුවෙන්නෙ සකුරා සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදකයෙක් හැටියට. එයා දීර්ඝ කාලයක් සංගීත කණ්ඩායම්වල වැඩ කළා. ඒ කාලෙ වැඩවලදි මට එයාව නිතර හමුවුණා. අපි අතරෙ ආදරයක් ඇතිවෙලා විවාහ වුණාට පස්සෙ අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට එන්න තීරණය කළා. ඒ නිසා එයාට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න වුණා. එදා ඉඳන් අද දක්වා මගේ පිටිපස්සෙ ඉඳන් හැමදේටම උදව් කරන්නෙ එයා. අපි ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල. මට බබාල තුන්දෙනෙක් ඉන්නවා. දුවල දෙන්නයි පුතයි. එයාලගෙ ඉස්කෝල වැඩයි, රැකියාවෙ වැඩයි එක්ක මට සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැති තරම්. ඒත් සුසන්ත නම් සංගීතය අත්හැරියෙ නෑ. එයා දිගටම මෙහේ සංගීත කණ්ඩායම්වල ප්ලේ කළා. අපි හරි සතුටින් මෙහේ ජීවත් වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: