hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 26, ප.ව. 5:25


සජබ පාගමන මහනුවරින් අරඹයි – අද නවතින තැන

“නිදහසේ අරගලය” තේමා කර ගනිමින් සමගි ජන බලවේගයේ පාගමන අද (26) මහනුවරින් ආරම්භ වුණා.

මහනුවර සිට කොළඹ දක්වා දින 5 ක් පැවැත්වෙන පාගමනේ පළමු අදියර මාවනැල්ල නගරයෙන් අවසන් වීමට නියමිත යි.

පාගමන ආරම්භ කිරීමට ප්‍රථම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ ආශිර්වාද ලබා ගත්තා.