hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 4:22



ස්පා හිමිකරුවෙකු විසින් තරුණියකට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාවේ උණුසුම් ලෙස කතාබහට ලක් වෙමින් පවතිනවා.

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි 24 හැවිරිදි තරුණියකට අදාළ ස්පා හිමිකරුවෙකු විසින් මෙලෙස පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ස්පා හිමිකරුගේ ව්‍යාපාරික සහකාරිය වෙත මෙලෙස පහර දී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ස්පා හිමිකරුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මූලික වී ඇති බවටයි.

පසුගිය 25 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක පටිගත වූ දර්ශන මෙලෙස සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇති බව ද වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය තොරතරු වාර්තා කර තිබුණේ, මෙම සිද්ධිය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට ලක්ව ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: