hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මැයි 22, ප.ව. 3:33



මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝවේ කතා නායිකාව ගුරුවරියක් කිව්වොත් නිවැරදියි.

හැබැයි ඇය නිකන්ම නිකන් ගුරුවරියක් නෙවෙයි.

දරුවන්ගේ දක්ෂතා ඔප්නන්වන්න කටයුතු කරන සංගීත ගුරුවරියක්.

ඇය නමින් අරුණි රණවක.

හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ සංගීත පුහුණුවීම් සිදු කරන වීඩියෝව ගැනයි අපි මේ කියන්නේ.

ඔබ මේ වෙනකොටත් ඒ ගැන දන්නවා ඇති.

එම ගුරුවරිය සම්ප්‍රදාය අතික්‍රමණය කළා කිව්වොත් නිවැරදියි.

ඇය ඒ මගින් දරුවන්ට හඬ පාලනය කර ගත යුතු ආකරය මැනවින් කියා දෙනවා.

බොහෝ දෙනෙක් නම් කියා සිටියේ මෙවැනි ගුරුවරියක් ලැබීම එම දරුවන්ගේ වාසනාව කියලයි.

දරුවන්ට මතක හිටින්න වැඩක් කරපු අරුණි මිස්ව දැන් මුළු රටක්ම දන්නවා.

ඒ වගේම හැමෝම ඇයට සුබපතන්නත් අමතක කරන්නේ නම් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: