hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 මාර්තු 17, පෙ.ව. 4:00



සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.

ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.

ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.

ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඒ සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පේෂල මනෝජ් වගේම දමිතා අබේරත්න එකතු වෙලා තිබුණා.

සුසන්තා චන්ද්‍රමාලි සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කර ඇත්තේ ද දමිතා අබේරත්න මහත්මිය විසින්.

ඒ අවස්ථාවේදී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය දමිතා මහත්මියට මෙසේ සඳහන් කළා.

“මං දැන් විසි දෙවෙනිදා එක හිතාගන්න බැරුව හිටියේ මොකක්ද කරන්න ඕනේ කියලා. එහෙම ඉන්න අතරේ තමයි දමිතා මට කතා කළේ. එන්න පැටියෝ එන්න පැටියෝ. ඒ කාලේ ඉදන් අපි එකට වැඩ කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: