hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 12:04



කුරුලු කුමාරි මීගහවත්ත, අවුරුදු හයහමාරක් පුරා ප්‍රේක්ෂක ඔබ සමඟ ළෙන්ගතුව ගනුදෙනු කළ ඇගේ කතාව පසුගියදා නිමාවට පත්විය.

‘නීල පබළු‘ ඉවරද? ඇයි ඉවර වුණේ? දෙවෙනි කොටසක් එනවාද? මේ ‘නීල පබළු‘ අවසානය පිළිබඳව ප්‍රේක්ෂකයන්ට ඇතිවූ ගැටලුය.

කුරුලු කුමාරි මීගහවත්ත ලෙසින් මෙතෙක් ඔබේ ආදරය දිනා සිටි ඇය ටනාශා හතරසිංහය. 

පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් දක්වා තිබෙනවා.

ටනාශා හතරසිංහ, කුරුලු කුමාරි මීගහවත්ත නමින් ප්‍රසිද්ධ වුණු හැටි මුලින්ම කියමු?

කුරුලු කුමාරි මීගහවත්ත කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. අවුරුදු හයහමාරක් පුරා ‘නීල පබළු‘ හරහා කුරුලුට ලැබුණු අසීමිත ආදරය කවදාවත් අමතක කරන්න බෑ. ටනාශා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ. ඒත් කුරුලු කිව්වම නොදන්න කෙනෙකුත් නෑ. ‘නීල පබළු‘ කියන්නෙ සිරස නාළිකාවේ මෙතෙක් විකාශය වුණු දීර්ඝතම ටෙලි නාට්‍යය. ‘නීල පබළු‘ අවසන් වීමත් එක්ක ගොඩක් ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් මතුවුණා. ඇයි නීල පබළු ඉවර වුණේ. තව කොටසක් එනව ද? කියලා. සමහරු පෞද්ගලිකව මැසේජ් කරලා තිබුණා. අපි දැන් ‘නීල පබළු‘ වෙලාවට මොකක්ද බලන්නෙ. කුරුලු, අභිමන් ආයිම එකට දකින්න ලැබෙයි ද අහලා. ඒ තරමටම කුරුලු, අභිමන්, පූජා චරිතවලට ප්‍රේක්ෂකයො ආදරේ කළා.

‘නීල පබළු‘ අවසානයක් නැතුව අවසන් වුණා වගේ හැඟීමක් ප්‍රේක්ෂකයාට දුන්නෙ දෙවැනි අදියරක් ගැන බලාපොරොත්තුවක් ද?

පුංචි කුතුහලයක් තියලයි ටෙලි නාට්‍යය ඉවර කළේ. ‘නීල පබළු‘ දෙවැනි කොටසකට ගොඩක් ඉල්ලීම් තියෙනවා. චැනල් එකෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් ගොඩක් ඉල්ලීම් තියෙනවා. ‘නීල පබළු‘ මෙතෙක් කල් විකාශය කළෙත් ප්‍රේක්ෂකයාට එපා නොවෙන්න එක එක කාලෙට චරිතවල වෙනස්කම් කරමින්. කුරුලු වුණත් අහිංසක වුණා, නපුරු වුණා, මතකය අමතක කළා නොයෙක් වෙනස්කම්වලට භාජනය කළා. අනෙක් චරිතත් එහෙමයි. අධ්‍යක්ෂවරයාගේ හිතේ නම් දෙවැනි අදියරකට යන්න අදහසක් නෑ කියලයි හිතෙන්නේ. ඉදිරියේ දී කොහොම වෙයිද දන්නෑ ඉතින්.

වසර හයහමාරක් කියන්නෙ දීර්ඝ කාලයක්. අමතක නොවන අත්දැකීම් ඇති?

‘නීල පබළු‘ පවුල එක්ක ගත කළ හැම මොහොතක්ම අමතක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කොවිඩ් කාලේ අනෙක් හැම නාට්‍යයක්ම වගේ නැවැත්තුවා. අපි අවුරුද්දකට ආසන්න කාලයක් කොත්මලේ නැවතිලා ඉඳන් ෂූට් කරලා ‘නීල පබළු‘ අඛණ්ඩව විකාශය කළා. ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: