hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 30, පෙ.ව. 11:37



ටෂ්නි පෙරේරා කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පිනියක්.

derana dream star  තරගාවලිය හරහා තමයි ඇය කරළියට පැමිණෙන්නේ.

පුංචි රුක්මණී දේවි කියන නමින් ටෂ්නි හැදින් වුණේ රියලිටි තරගාවලිය අවසන් වන තුරුම සෑම අවස්ථාවකදීම රුක්මණී දේවි මහත්මියගේ ගීත ගායනා කළ නිසා.

ටෂ්නි පසුගිය කාළේ කොච්චි සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් වෙලා හිටියා.

පසුව ඇය එයින් ඉවත් වීමත් සමඟ පාර්ශව දෙකෙන්ම ඒ සම්බන්ධයෙන් නොයෙක් අදහස් ඉදිරිපත් කරන්න කටයුතු කළා.

ඒ නිසාම මේ ඇත්ත සිදුවීම පිළිබඳව සහ ඇය කණ්ඩායමෙන් ඉවත් වීමට මුල් වූ හේතුව ගැන ටෂ්නි ඉතාමත් විවෘතව පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හරහා අදහස් බෙදා හදාගෙන තිබුණා.

ඉතින් එහෙදි ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“කොච්චි බෑන්ඩ් එකෙන් අයින් වෙන්න හේතු කීපයක් තිබ්බා. ඒ හැම එකටම වඩා මූලිකම හේතුව වුණේ එයාලට විදෙස් ගතවෙන්න ෂෝ කීපයක් ඇවිල්ලා තිබුණා. ඒවට මගෙ හස්බන් එක්ක සහභාගි වෙන්න මට අවස්ථාවක් තිබුණේ නැහැ ඒ නිසයි අයින් වෙන්න සිදු වුණේ. මගේ තීරණය තිබ්බෙ මම හස්බන්ඩ් එක්ක යනවා කියන එක. ඒක වෙනස් වෙන්නැහැ. ඒකට එයාලා එකඟ නොවුණු නිසා මාව අයින් කළා. මේක තමයි ඇත්ත ප්‍රශ්නේ නමුත් තව පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. ගැළපීම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. ගෑනු ළමයි හතරක් තීරණ හතරක් opinion හතරක්. ඒ නිසා එහෙම එකතු වෙන්න අමාරුයි.

ටීම් එකක් ගත්තොත් ටීම් එහෙක පිරිමි ගැහැණු වුණත් එකට වැඩ කරන්න අමාරුයි. මෙතන ගෑනු ළමයි හතරක් නිසා වැඩ කරන්න ටිකක් අමාරු තත්ත්වයක් තිබුණා. බොරු කතා කරන්න ඕනි නෑ. ගෑනු ගෑනු එකට ඉන්න අමාරුයි. එහෙම ගැලපීමක් නැහැ. පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඇදුම් වල සින්දු තෝරා ගැනීම ආදී දේවල්වල. මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි උපේඛා නිර්මානි. ටීම් එකටත් මම උපරිම කැපවීමෙන් ආදරය කළා. නමුත් ප්‍රධානම ගැටලුව වුණේ විදෙස්ගත වීම සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නය”