hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 7:22



රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි වෙනත් නඩුවකට අදාළව නොවැම්බර් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කඩවත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් රුපියල් 503,200 ක් වටිනා දුරකථන සහ උපාංග මිලට ගෙන ඒ සඳහා අගරු චෙක්පතක් නිකුත් කිරීමේ සිද්ධියකට අදාළවයි.

කඩවත පොලීසිය විසින් ඊට අදාළව නඩු පවරා තිබූ අතර එම නඩුව ඊයේ කඩවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර නමැත්තා ලබන නොවැම්බර් මස 2 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: