2024 මැයි 14, ප.ව. 4:14
වී.ජනනි අලුදෙනිය පාසල් ගුරුවරියක් වන අතර දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තිබෙනවා.
ර/ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයෙන් සහ රත්නපුර ෆර්ගසන් උසස් බලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු අතර දැනට චිත්‍ර ගුරුවරියක් වශයෙන් සේවය කරන්නේ ද ර/ ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයේයි.
2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර ඇති අතර විවිධ තරග පලින් ජයග්‍රහණය කර තිබෙනවා.
භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් නිර්මාණය කළ ජනනි කුඩා දරුවෙකුගේ කාර්ය සිදු කරමින් එය තම නිවසේ සිට නිර්මාණය කිරීම විශේෂ වන අතර අනෙක් කරුණ නම් ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ ප්‍රථම තොරණ මෙයයි.
තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේයි.පත්මසිරි මහතා විසින් විදුලි ආලෝකකරණය සිදු කරන අතර තොරණ සංවිධානය එම ගම්මාන විසින සිදු කරන අතර මුල්‍යම දායකත්වය චතුරංග ජේ විතාරණ විසින්.
2025 ජනවාරි 20, ප.ව. 2:05
2025 ජනවාරි 19, පෙ.ව. 12:08
2025 ජනවාරි 19, පෙ.ව. 12:03
2025 ජනවාරි 18, පෙ.ව. 12:04
2025 ජනවාරි 18, පෙ.ව. 12:01
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
20-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25