hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 13, ප.ව. 4:20



සංචාරක විසා මත ජර්මනියේ සිට මෙරටට පැමිණ ඇති විදේශිකයෙකු විසින් ත්‍රීවීල් රථයක් විදුලිය ආරෝපිත බැටරියක් මගින් ධාවනය කිරිමට හැකි වන අයුරින් නිපදවා තිබෙනවා.

මෙම නිර්මාණය කළ ජර්මන් ජාතික රිකෝ මහතා මහනුවර කුන්ඩසාලේ පොලිස් නිවාස සංකීර්ණයේ කුලි පදනම මත සිටිනවා.

එක්වරක් බැටරිය ආරෝපණය කිරිමෙන් අනතුරුව කිලෝමීටර් 70 ක් පමණ ධාවනය කල හැකි බවත් ඉන් පසු නැවත විදුලිය ඇති ස්ථානයකින් නැවත බැටරිය ආරෝපණය කර නැවත ධාවනය කල හැකි බව හැකි බවද මෙහි නිර්මාතෘ ජර්මන් ජාතික රිකෝ මහතා පවසයි.

තමා 18 දි කාර්මික ක්ෂේස්ත්‍රයට පිවිස ඇත්තේ ගොවි යන්ත්‍ර කාර්මික ශිල්පියෙකු ලෙස  සම්බන්ධ වන අතර ඉන් අනතුරුව රේසින් කාර් අංශයේ කාර්මිකයෙකු ලෙසත් පසුව රේස් ඉංජිනේරුවරයෙකු ලෙස හා formula සහ GT cars රථ වල කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඒ සදහා වසර 25 ක පමන පලපුරුද්දක් තිබෙන බවද ඔහු සදහන් කළා.

ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිම් වල ජනතාව එක් රැස් වි සිටිනු තමන් දැක ඇති බවත් ත්‍රිවිල් රථ සදහා මෙම ක්‍රමය යොදා ගතහොත් එමගින් මුදල් ඉතිරි වන ලෙසම පරිසරයට විෂ වායු පැතිරිම නොවන හෙයින් පරිසරයටද හානියක් නොවන බව රිකෝ  මහතා පැවසුවා.

කුඩා කල සිටම ආදාරය දක්වන ශ්‍රී ලංකාවට යම් හෙයකින් උපකාරයක් කිරිමට හැකිවිම තමා ජිවිතයේ ලබන විශාලම සතුට වන බවත් මේ නව නිපයුම තවත් දියුණු මට්ටමින් කල හැකි බවත් ඒ සඳහා රජයට තමාගේ සියලුම සහයෝගය දෙන බවද ඔහු වැඩිදුරටත් පැවැසුවා.