hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 07, ප.ව. 6:02



මුලතිව් මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන ලද පරික්ෂණවලදී අදාල දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

අදාළ පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් ඊයේ (06) දින පොලීසියට දැනුම් දී ඇත්තේ දැරිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ ලිපියක්ද ලියා මුදල් සහ ජංගම දුරකතනයද රැගෙන බවටයි.

දැරිය විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියේ සඳහන් කොට ඇත්තේ “තාත්තේ මට සමාවෙන්න. මම මේ ගෙදර දාලා යනවා. මාව හොයන්න මහන්සි වෙන්න එපා අවශ්‍ යනම් මේ අංකයට ඇමතුමක් දෙන්න.” යනුවෙන් දුරකතන අංකයක්ද සඳහන් කරන ලද ලිපියකිනි.

කෙසේ වෙතත් දැරියගේ පියා ඇතුලු පොලීසිය විසින් අදාල දුරකතන අංකයට ඊයේ දින සිට ඇමතුම් ලබාගත්තද එය ක්‍රියාවිරහිත කොට තිබීම හේතුවෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර අද (07) දිනය වන විට දැරිය සම්බන්ධ කර ගැනීමට හැකි වූ බවට පොලීසිය පැවසුවා.

දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව අදාල පාසල් සිසුවිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයට බවටත් සමාජ මාධ්‍ය ජාලයක් වන ටික් ටොක් වෙතින් කිසියම් පිරිමි පුද්ගලයෙකු දැන හැඳින ඇති වූ  සම්බන්ධතාවක් මත අදාල පිරිමි පුද්ගලයා හමුවීමට බවට සැක පලකරන බවටද පොලීසිය පැවසුවා.

දැරියගේ පියා ඇතුලු ඥාතීන් විසින් දැරිය සොයා අද (07) දිනයේදී නැවත නිවසට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්සවයන්ට උපදෙස් ලබා දී පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසුවා.