hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 27, ප.ව. 3:16



පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමනයට විසඳුමක් වශයෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

අතීතයේ සිට ජනතාව කරත්තය අනුසාරයෙන් සිය ගමනාගමන කටයුතු සපුරා ගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් යාන වාහන ආගමනයෙන් කරත්ත ප්‍රවාහනය අඩුවී ගියා.

කෙසේවෙතත් වත්මන් වාතාවරනය හමුවේ බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට නගර ප්‍රවාහනය වෙනුවෙන් අශ්වයින් යොදා ගෙන කරත්ත සේවය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී මෙම සේවාවට ඉහල ඉල්ලුමක් හිමිවෙනු ඇති බවටද එහි හිමිකරුවන් වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම ඉදිරියේදී උතුරු පලාතේ බොහෝ ප්‍රදේශයන්හි ගවයින් යොදා මෙලෙස කරත්ත සේවය යලි ක්‍රියාත්මක වනු ඇතැයිද උතුරේ ජනතාව වැඩිදුරටත් පවසා සිටිනවා.