hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 14, පෙ.ව. 5:55



උමංදාව විහාරස්ථානයට අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් පැමිණ ගැටළුවක් ඇති වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඒ එම විහාරස්ථානයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඟවාගෙන සිටින බවට පවසමින්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිරි සමන්තභද්‍ර හිමියන් අදහස් දක්වා තිබෙනවා.

ඒ යුටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඟවාගෙන සිටින බවට පවසමින් අමාත්‍යවරයා සොයා විහාරස්ථානයේ දේපළවලට හානි කර ඇති බව සිරි සමන්තභද්‍ර හිමියන් පවසනවා.

උමංදාවේ දියුණුව බලා සිටීමට නොහැකි ඊර්ෂ්‍යාකාර පිරිසක් විසින් මෙය සිදුකර ඇති බවත් මෙම කලහකාරී පිරිසත් සමඟ අවට විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා පිරිසක්ද උමංදාවට පැමිණි බවද උන්වහන්සේ සඳහන් කරනවා.