hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 15, පෙ.ව. 6:30



වසර 10කට අධික කාලයක සිට වෙසක් කූඩු හදා අලෙවි කරන අපූරු කාන්තාවක් පිළිබඳ තොරතුරක් දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයෙන් මෙම වෙසඟේ ඒෂියන් මිරර් අපට වාර්තා වුණා.

ඇය නමින් චමිලා ප්‍රේම කුමාරි නම් හතළිස් හැවිරිදි එක් දරු මවක්.

දඹුල්ල කණ්ඩලම මාර්ගයේ පදිංචිව සිටින චමිලා තම සැමියාගේ මෙන්ම දියණියගේ ද සහාය ඇතිව වසර 10ක පමණ කාලයක සිට මෙම වෙසක් කූඩු නිර්මාණය කොට අලෙවි කිරීම් සිදු කරනු ලබනවා.

වෙසක් එන්නට මසකට පමණ කාලයක සිට අවශ්‍ය අමුද්‍රව්‍ය සකසා පදම් කොට පාසල්වලට, විවිධ වෙහෙර විහාර විහාරස්ථාන වලට, නිවාස වලට වෙසක් කූඩු තනා අලෙවි කිරීම ඇය විසින් සිදු කරනවා.

කුඩා අවදියේ සිට වෙසක් කූඩු නිර්මාණය සඳහා දැඩි ඇල්මක් දැක්වූ බව කියන ඇය විවාහ වී දඹුල්ල ප්‍රදේශයට පැමිණ තමන් හුරු පුරුදු වූ මෙම වෙසක් කූඩු තැනීම ආරම්භ කළ බව ද ඇය සඳහන් කළා.

විවිධ වර්ගයේ වෙසක් කූඩු, විවිධ ප්‍රමාණයේ වෙසක් කූඩු විවිධ ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.

එමෙන්ම අහළ පහළ අයගේ සහයෝගය ඇතිව ඇය වෙසක් කූඩු සව් කොල අලවා අලෙවි කිරීම්ද මෙහිදී සිදු කරන බව ඇය සඳහන් කළා.

කඩිසර භාවයෙන් යුතුව ඇය පැය කිහිපයක් පමණක් දවසකට නිදාගෙන මෙම වෙසක් කූඩු නිපදවීම් සිදු කරනවා.

ඇය අප සමඟ කියා සිටියේ එක වසරකට වෙසක් කූඩු දහසකට අධික ප්‍රමාණයක් තම අතින් නිර්මාණය වන බවයි.

ඒ අනුව ලක්ෂ ගණනාවක් තමන් වයස අවුරුදු 8.00 සිට වෙසක් කූඩු නිර්මාණය කොට ඇති බවද ඇය දැඩි සතුටින් ප්‍රකාශ කළා.

තමන්ට සහ දියණිය සැමියා කිසිම කෙනෙකුට කරදරයක් සිදු නොකොට වෙසක් කූඩුවක් තනා ජීවත්වන නිසා වෙසක් සමයේ තමන්ගෙන් කූඩුවක් මිලදී ගන්නැයි ඇය ඉල්ලීමක් ද කළා.