hit counter

2025 ජූලි මස 26 වන සෙනසුරාදා

2025 ජූලි 26, පෙ.ව. 12:03



නිදහස් අධ්‍යාපනය කියන්නේම දරුවෙකුට ලැබෙන සවිමත් අත්තටු ද්විත්වයක්..

ඒ අත්තටුවලින් හැකිතාක් දුර නිදහසේ පියඹා යන්න වරම් දිනාගත් තවත් එක් වාසනාවන්ත දියණියක් ගැනයි මේ කතාව..

ඇය නමින් විදුනි කීර්තිසිංහ.. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය දා පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී ඇගේ නම කියවුණේ වරක් දෙවරක්, නෙවෙයි..

ඇත්තෙන්ම ඇය දක්ෂතාවයේ උපරිමයටම ගොස් එහි පල නෙලාගත් දිනයක් බවට ඊයේ ඒ උපාධි ප්‍රදානෝත්සවයේදී බොහෝ දෙනාට ප්‍රත්‍යක්ෂ වුණා..

ඒ දවස ඇගේ කරගැනීමට තරම් ඇය භාග්‍යවන්තියක් වුණා.. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් ඇය සුදුසුකම් ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයටයි..

පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයට ප්‍රවේශය ලබාගත් ඇය සිය අධ්‍යයන කටයුතු අවසන් වනවාත් සමඟම ඇය දැක්වූ දක්ෂතා මත රන්පදක්කම් 9ක් දිනාගැනීමට මෙවර උපාධි ප්‍රධානෝත්සවයේදී ඇයට හැකිවුණා..

විදුනිගේ හැකියාව වෙනුවෙන් විශිෂ්ඨතම පදක්කම් ගොන්නක් වගේම ශිෂ්‍යත්ව ද්විත්වයක්ද ඇයට මෙහිදී හිමි වීම විශේෂත්වයක්.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: