2024 ජනවාරි 19, පෙ.ව. 12:01
විශ්ව බුද්ධ නමින් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය තුළ අතිශය ආන්දෝලනයක් ඇති කළ ටික්ටොක් සාදු ගැන නැවත වතාවක් අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා.
පසුගිය දිනක යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක් වූ විශ්ව බුද්ධ තමන් සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක කතාබස් සියල්ල සඳහා මෙසේ පිළිතුරු ලබා දී තිබුණා.
ප්‍රශ්නය – මට ඔබවහන්සේට මචං කියන්නත් පුළුවන්? උඹ බං කියන්නත් පුළුවන්..
පිළිතුර – පුළුවන්…
ප්‍රශ්නය – මොකද්ද මේ ධර්මේ… මේ ධර්මේ කාටද තේරෙන්නෙ…
පිළිතුර – නෑ නෑ.. මේක තේරෙනවා. මේක තේරෙන පිරිසක් එළියේ ඉන්නවා…
ප්‍රශ්නය – කොහෙද ඉන්නෙ..? කළගෙඩිහේනේ ගෙදරද??? ඒ ගෙදර ඉන්න ගෑනූ දෙන්නට විතරද තේරෙන්නෙ??
පිළිතුර – ඒ ගෙදර ඉන්නෙ මගේ අම්මයි මමයි විතරයි…
ප්‍රශ්නය – උසාවියේ නීතිඥතුමා ඇහුවේ එතකොට?
පිළිතුර – මට ගෑනූ දෙන්නෙක් නෙවෙයි, සිය දහස් ගණන් ඉන්නවා මට..
ප්‍රශ්නය – කළගෙඩිහේනේ ගෙදර ඉන්නෙ එතකොට? පූරි කන්න ගිය රෙස්ටුරන්ට් එකේ කෙල්ල කෝ?
පිළිතුර – ඒ මගේ ගර්ල් ෆෙර්න්ඩ්…
ප්‍රශ්නය – ගර්ල් ෆෙර්න්ඩ්?? ඈ… දෙයි හාමුදුරුවනේ…
පිළිතුර – මම ආදරේ කරනවා මොකද්ද ප්‍රශ්නේ.. බුද්ධ දේශනාව ආදරයට තහනමක් තියනවද???
ප්‍රශ්නය – එතකොට ලිංගිකවත් එක්වෙනවා…?
පිළිතුර – නෑ නෑ තාම නෑ…
ප්‍රශ්නය – කී දෙනෙක් ඉඳලා තියනවාද???
පිළිතුර – සිවුරු දරාගත්ත දා ඉඳලම තමා. අවුරුදු 7 දී පන්සලට ආවේ. සිවුර දාගෙන ඉන්නවා, අදාළ රාජකාරීය කරනවා. ඇවිල්ලා ආයෙ දාගන්නවා. වාහනයත් ඩ්‍රැයිවර් කරනවා.
ප්‍රශ්නය – මිෂෙල් එක්ක (ගර්ල් ෆෙරන්ඩ් එක්ක) හෝටල් කාමරවලටත් යනවා??
පිළිතුර – කාමරවලට ගිහින් නෑ… වැරදි දේවල් කියන් එපා. ධර්මේ ඒවා අවලංගු වෙලා නෑනේ… හාමුදුරුගොල්ලො සිවුරේ ඉඳන් හොරාට කරන දේවල් මම එළිපිට කරනවා….
2025 මැයි 10, පෙ.ව. 12:27
2025 මැයි 10, පෙ.ව. 12:12
2025 මැයි 10, පෙ.ව. 12:04
2025 මැයි 09, ප.ව. 1:19
2025 මැයි 09, ප.ව. 12:59
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25