hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 29, පෙ.ව. 12:04



කවදත් කතාබහට ලක්වන චරිතයක් වුවද, ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ගැන පහුගිය දවස්වල වැඩියෙන් කතා කරන්න ගත්තා.

ඒකට හේතුව වුණේ වොල්ගා කල්පනී ජනප්‍රිය යූටියුබ් තරුවක් වන අනුෂ්ක උදාන එක්ක පෙනී ඉන්න මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම.

මහත් කතාබහක් ඇති කළ මේ ඡායාරූපය පිටුපස තිබුණෙ නම් වෙනම කතාවක්. ඒක නිර්මාණාත්මක වෑයමක කොටසක්.

ඔන්න ඉතින් ඊට ලැබුණු ප්‍රතිචාර ගැනත්, එහි ලද අත්දැකීම ගැනත් යූටියුබ් නාලිකාවක් හා කතාබහකට එක්වෙමින් වොල්ගා මේ විදියට අදහස් දක්වලා තිබුණා.

ඇය දැන් පෙම්වතියක්. තමා පෙම්වතියක් බවත්, හොඳ පෙම්වතෙක්ගේ ආදරයක් තමාට ලැබෙන බවත් ප්‍රසිද්ධියේම ඈ කියන කතාවක්.

”සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනවනෙ නිල වශයෙන් කෙනෙක්ව ඇසුරු කරලා නිල වශයෙන් එතන මොකක් හරි හේතුවකට,

අපි දෙන්නගෙම වැරැද්දක් නෙවෙයි පුළුවන්.

හැබැයි අපේ කැමැත්තට අපි නිල වශයෙන් වෙන් වුණාට පස්සෙ සමාජයේ ඒ ගැහැනියට තියෙනවනෙ වෙන මොකක්දෝ නමක්.

හැබැයි නිල නැතුව ඕනි තරම් පිරිමි ආශ්‍රය කරලා ඕනි තරම් ප්‍රේම සම්බන්ධතා තිබිලා කවුරු හරි කෙනෙක් විවාහ වුණොත් ඒ කාන්තාව හරිම වැදගත් කියන සමාජයක්නෙ මේක.

මම නිල වශයෙන් මොකක් හරි එක තැනක මොකක් හරි හේතුවකින් වරද්දගත්ත කාන්තාවක්.

එතකොට එහෙම කාන්තාවකට සාමාන්‍යයෙන් ප්‍රේම කරන්න පුළුවන් හොඳ කශේරුකාවක් තියෙන පිරිමියෙක්ට විතරයි.

ඒකයි මම කියන්නෙ ඉස්සරට වඩා මට ආදරේ තේරෙනවා.

මට පෙම්වතෙක් ඉන්නවා කියන එක අවුරුදු දෙක තුනක් තිස්සෙ ඕනි කෙනෙක් දන්නවා.

එතකොට මම ඔහුට ඇත්තටම ගරු කරන හේතුව, හැමෝටම බෑ ඒක කරන්න.

හැම පිරිමියටම බෑ නිල වශයෙන් වැරදුණු කාන්තාවකට ප්‍රසිද්ධියේ ගෞරව කරන්න.

ප්‍රසිද්ධියේ ප්‍රේම කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මම මගේ පෙම්වතාට ඒ ගරු කිරීම කරන්නෙ.

හොඳ අම්මෙක්ගෙ පුතෙක් වෙන්න ඕනි ඒක එහෙම වෙන්න.

අතීතය මතක් කර කර රිද්දන පිරිමි ඉන්න සමාජයක් මේක…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: