hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 23, පෙ.ව. 12:04



ක්ලබ් වසන්ත ඝාතතන සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාක් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි.

අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරමින් මෙම තරුණිය අද අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කිරීම සඳහා යොදාගත් බස් රථයක් මෙම කාන්තාව ගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

එබැවින් මෙම කාන්තාවත් එම ඝාතන කුමන්ත්‍රණය තුළ සිටින්නේද යන්න විමර්ශනය සඳහා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

“බස් රථය මෙතෙක් හම්බවෙලා නෑ. සඟවලා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සොයනවා..” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කර ස්ථානයට ද මෙම කාන්තාව ගොස් ඇති බවට තොරතුරු ඇති බවයි.

එසේම මෙම බස් රථය මිලදී ගෙන ඇත්තේ මෙම මනුෂ්‍ය ඝාතනය සඳහාම යන්න මේ වනවිට හෙළිවී ඇති බවත් ඔහු සදහන් කරනවා.

පසුගිය ජූලි 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණ සිටි ක්ලබ් වසන්ත ව එම මධ්‍යස්ථානය තුළදීම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩිතබා ඝාතනය කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: