2024 අගෝස්තු 28, පෙ.ව. 12:05
අපේ ජීවිතයේ තනි නොතනියට කවුරුම හරි ළඟ ඉන්න ඕන..
අද වෙනකොට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමනේ..
ඒත් එහෙම හිතලා විවාහ යෝජනාවකට කැමති වුණ අයෙක්ට වෙලා තියෙන්නේ පුදුම වැඩක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්… ජංගම දුරකතනයේ වට්ස් ඇප් හරහා දුටු කාන්තාව මංගල තේ මේසයේදී වෙනත් කාන්තාවක බවට පත්වීම හේතුවෙන් සිය සහකාරිය කරගන්නට කාන්තාවක සොයා මංගල කටයුත්තකට සහභාගි වූ අයකු දැඩි අපහසුතාවට පත්වීමේ සිදුවීමක් හසලක ප්රදේශයෙන් අසන්නට ලැබෙනවා…
මීට වසර හත අටකට ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී දරුවන්ගෙන් වෙන් වී ජීවත් වන ඔහු පෞද්ගලික සේවයෙන් විශ්රාම ලැබූ හැට එක් හැවිරිදි වියේ පසුවෙන අයෙක්… විශ්රාමගත් පසු ඔහුට තනිකම හා පාළුව දැඩිව දැනෙන්නට පටන්ගත් හෙයින් මිතුරන් ඔහුට යෝජනා කළේ අවසන් කාලයේ වතුර බිඳක් හරි දෙන්න කෙනෙකු හොයා ගමුයි කියායි..
එම යෝජනාව ගැන ගැඹුරින් කල්පනා කළ ඔහු ඒ සඳහා කැමැත්ත පළකර ඔවුන් මාර්ගයෙන්ම යෝජනා කීපයක් සම්බන්ධයෙන් සොයා බැලුවත් ඒවා ගැළපෙන්නේ නැති බව ඔහුට වැටහුනා.. මේ අතර තවත් මිතුරකු ගෙනා යෝජනාවට ඔහු කැමැත්ත පළ කළේ ඇය මිතුරාගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් එක හරහා ඉතා ළෙන්ගතු අයුරින් සුහදශීලීව කතා බහ කිරීමත් ඒ කතාව හා ඇයගේ රුව ඔහුගේ හිත දිනාගත් හෙයින් ඒ කතා බහේදී ඇය ඔහුට යෝජනා කළේ අසවල් දින තම නිවසට මිතුරා සමඟ පැමිණෙන ලෙසටයි..
අදාළ දිනයේ ඔහු මිතුරා සමඟ වලපනේ පිහිටි ඇයගේ නිවසට ගියේ දහසක් අනාගත බලාපොරොත්තු කරපින්නාගෙන වුණත්, නිවසට ගොඩවන විට මවක සහ තවත් කාන්තාවක ඔවුන් ඉදිරියට පැමිණ සිංහල චාරිත්රානුකූලව පිළිගෙන නිවස තුළට කැඳවාගෙන ගොස් අසුන් ගන්වා ආගිය තොරතුරු කතා බහ කරමින් පිළියෙළ කර තිබූ තේ මේසයටද මව ඔවුන්ට ආරාධනා කළා..
තේ මේසයට ගිය ඔහු කෝ අසවලා යැයි මිතුරාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තේ මේසය අසලට පැමිණ ඔවුන් සමඟ කතා කරමින් සිටින කාන්තාව ඇය බවයි… මේ කාන්තාව තමන් වට්ස් ඇප් හරහා දුටු හා කතා කළ කාන්තාව මැය නොවන බවත් ඇයගේ කතාබහෙන් හා හැසිරීමෙන්, රූපයෙන් ඔහුට වැටහුණු අතර ඒ ගැන මිතුරාගෙන් විමසූවිට ඔහු පැවැසුවේ වට්ස් ඇප් හරහා කතා කළේ මැයම බවයි..
මිතුරා තමන් මුළා කර ඇති බව ක්ෂණයකින් අවබෝධ වූ පසු වහා අසුනෙන් නැගිට “බලු වැඩ කරන්න එපා මිනිහෝ. තමුසේ වට්ස් ඇප් එකෙන් පෙන්නපු, කතා කරපු කෙනා නෙවෙයි මෙයා. එයා මෙයාට වඩා වයසිනුත් බාලයි. මෙයාට වඩා රූපයෙනුත් හැඩයි. කතා විලාශයත් වෙනස්.” යැයි කියමින් මිතුරාට බැණවැදී තේ බිඳක්වත් පානය නොකර වහා නිවසින් පිටතට විත් ඔහු පැමිණි යතුරුපැදියේ නැගී ගම බලා වේගයෙන් පියඹා ආවේ මිතුරාද එහි දමායි…
ගමට පැමිණි ඔහු මේ පුවත තම මිතුරන්ට පැවසුවේ තවත් නම් තමන්ට සහකාරියක් සොයන්නට කිසිවකු මහන්සි නොවන ලෙසත් පසුගිය දිනවල මුහුණ දුන් සිදුවීම් කීපයක් නිසා තමන් ඒ පිළිබඳව දැඩි සේ පීඩාවටත් අපහසුතාවටත් පත්ව සිටින බව කියමින්..
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25