2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
වනජීවී ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්නගේ “විෂ සහිත ඉඟිය” (Toxic Tip) ලෙස නම්කර ඇති ඡායාරූපයට සුවිශේෂී සම්මානයක් හිමිව තිබෙනවා.
ඒ, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය මගින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන තරගාවලියේදීයි (Wildlife Photographer of the Year – WPY)
මෙම සම්මාන තරඟාවලිය සැලකෙන්නේ “වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය” ලෙසයි.
ඒ අනුව, මෙය ලක්ෂිත කරුණාරත්න මෙම තරගයේදී සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව ද සනිටුහන් කරනු ඇති. වසර 61ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේ දෙවරක් සම්මාන ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම ද විශේෂය.
මෙම තරගාවලියට මේ වසරේදී රටවල් 120කට අධික සංඛ්‍යාවකින් වාර්තාගත ඡායාරූප 60,636ක් ලැබී ඇති අතර, ඉන් ඡායාරූප 100ක් පමණක් ජයග්‍රාහී ඡායාරූප ලෙස තෝරාගෙන තිබේ.
ඊට අයත් ලක්ෂිත කරුණාරත්නගේ ‘Toxic Tip’ යනු, අම්පාර දිස්ත්‍රික්කයේදී ලබා ගත් සේයාරුවකි.
එදා මෙදාතුර ලාංකේය ඉතිහාසයේ අලි-මිනිස් ගැටුමේ තවත් එක් ඛේදනීය පැතිකඩක්, ‘Toxic Tip’ තුළින් නිරූපිතය.
එය සුවිශාල කුණු ගොඩක ආහාර සොයන තනි අලියෙකුගේ සිත කම්පා කරවන දසුනකි.
පොලිතින්, ප්ලාස්ටික් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට සිදුවන හානිය මෙම ඡායාරූපයෙන් මනාව පිළිබිඹු වේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලක්ෂිත කරුණාරත්න සඳහන් කර තිබුණේ,
“මෙම සම්මානය මා වෙනුවෙන් පමණක් නොවේ. අපගේ අපද්‍රව්‍ය සහ ජීවන රටාවන් වනජීවීන්ට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවට වන මතක් කිරීමකි. අලි ඇතුන් අපගේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් වන අතර, ඔවුන් ආරක්ෂා කිරීම අපගේ උරුමය ආරක්ෂා කිරීමකි…” යනුවෙනි.
61 වන WPY සම්මාන උළෙල 2025 ඔක්තෝබර් 13 වන දින ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ලොවපුරා ප්‍රධාන මාධ්‍ය ගණනාවක් විසින් ප්‍රකාශයට පත් කරන ලද මුල් ඡායාරූප 15ට ලක්ෂිත කරුණාරත්නගේ ‘Toxic Tip’ ඡායාරූපය ද ඇතුළත් වීම විශේෂය.
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
2025 අගෝස්තු 31, පෙ.ව. 12:08
2025 අගෝස්තු 31, පෙ.ව. 12:03
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25