2025 අප්‍රේල් 27, පෙ.ව. 12:06
ඉකුත් දා කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර උද්ගතවූ උණුසුම්කාරී වාතාවරණයක් හේතුවෙන් මෙරට ගායිකා යොහානි ද සිල්වා නවදිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ සිය ප්‍රසංගයක් කල්දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් යොහානි පවසා ඇත්තේ, දිල්ලියේ ප්‍රසංගය කාශ්මීරයේ ඇති වූ සිදුවීම් හේතුවෙන් කල්දමා ඇති බවයි.
“සමහර විට ලෝකය අපෙන් ඉල්ලා සිටින්නේ විරාමයක් තැබීමටයි, සුවය සඳහා ඉඩක් තබා ගැනීමටයි, කුණාටුව තුළ නිශ්චලව සිටීමටයි. කාශ්මීරයේ හද කම්පා කරවන සිදුවීම් සහ දිල්ලියේ වත්මන් තත්ත්වයේදී ප්‍රසංගය කල්දැමීමට සිදුවීම කණගාටුවට කරුණකි. මේ මොහොතේ, ආරක්ෂාව පළමුව තිබේ. නව දිනයක් සැලසුම් කරමින් පවතින අතර, කාලය නැවත සුදුසු යැයි හැඟෙන විට, අපි ඔබ සමඟ ගායනා කිරීමට සූදානම්ව සිටිමු. එතෙක් ඔබේ ආදරණීයයන් ළඟ තබාගන්න. ආරක්ෂිතව සිටින්න, කරුණාවන්ත වන්න. අපි හැමෝම ඔබ සමග සිටිනවා” යනුවෙන් යොහානි සිය නිවේදනයෙන් පවසයි.
කාශ්මීර ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳවැටී තිබේ.
ඉන්දියාව දේශසීමා ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට පකිස්ථානයට චෝදනා කළ අතර ඉන්දියාවේ සිටින සියලුම පකිස්ථාන ජාතිකයන්ට පැය 72 ක් ඇතුළත පිටව යන ලෙස නියෝග කර තිබිණි.
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 27, පෙ.ව. 12:02
2025 අප්‍රේල් 26, ප.ව. 10:10
2025 අප්‍රේල් 26, පෙ.ව. 12:16
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25