hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:05



සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල වයිරල් වන මංගල ඡායාරූප පෙළක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.

මංගල ඇඳුමින් සැරසී යොහානී හෙට්ටිආරච්චි සමඟ සිටින ඔහු හඳුනාගන්නා ඕනෑම අයෙකුගේ සිත මොහොතක් ව්‍යාකූල වනවා නොඅනුමානය.

විවිධ අර්ථකථන දෙමින් ශෙයාර් වන ඡායාරූප පෙළ ගැන අපට ද කුකුසක් ඇති නොවුණාම නොවේ.

මේ සචින් චතුරංග නේද? විනිශ්චය කරගත් බොහෝ දෙනා විය.

ඔව්. ඔබ සිතුවා නිවැරැදිය. ඒ ඔහුය.

මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන සමීර පියරත්නගේ රොකී ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසින් ඔබ හමුවට එන ඔහු සංසාරිණී ටෙලි නිර්මාණයේ විලන්ගේ භූමිකාවට පණ පොවයි.

ඔහු ඒ ගැන පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.

සචින් චතුරංග කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. සචින් කාටත් හොරා විවාහ වුණා කියන කතාව ඇත්තද?

ඕක මේ දවස්වල ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. ඇත්තටම ඒක ෆොටෝ ෂූට් එකක්. මගේ පළමුවැනි ගීතය ශෘංගාරියේ පහුගිය දා රිලීස් වුණා. ගීතයේ විෂුවල් එකට ඉන්නේ යොහානි නංගියි, මායි. මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒකට උදවුවක් විදිහට තමයි මේ වගේ ෆොටෝ ෂූට් එකක් කළේ. ඒක විවිධ හෙඩ්ලයින්වලින් වයිරල් වුණා. මගේ ගීතය ජනප්‍රිය වෙන්න ඒකත් රුකුලක් වුණා කිව්වත් හරි. ගොඩක් දෙනා හිතන් හිටියා යොහානියි මායි විවාහ වෙලා කියලා. නෑ. නෑ. අපි විවාහ වෙලා නෑ. අනික මට ආදරවන්තියක් ඉන්නවා. ඒ වගේම යොහානිටත් ආදරවන්තයෙක් ඉන්නවා. මේක ෆොටෝ ෂූට් එකක් විතරයි. ගීතයට සහාය වුණු යොහානි නංගි ඇතුළු කණ්ඩායමට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඔබේ පෙම්වතියගෙන් තහංචි වැටුණෙ නැද්ද මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරද්දි?

නෑ නෑ. මගේ පෙම්වතියගේ වගේම යොහානි නංගිගේ පෙම්වතාගේ අනුදැනුම, සහාය ඇතුව තමයි අපි මේක කළේ. ඒ දෙන්නගේ තේරුම් ගැනීම, සපෝට් එක නිසා තමයි මේක මේ තරම් ලස්සනට කරගන්න පුළුවන් වුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: