hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 04, පෙ.ව. 9:51


ජනපති බ්‍රිතාන්‍යට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙනුයි ඩුබායි බලා පිටත්ව ගොස්  ඇත්තේ.

මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.