2023 මැයි 04, පෙ.ව. 9:51
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා සමග තවත් 08 දෙනෙකු ද පිටත්ව ගොස් තිබෙන අතර ඔවුන් අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙනුයි ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ.
මෙම පිරිස ඩුබායි සිට පසුව වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42