hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 05, ප.ව. 8:12


දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

සිය වැටුප් අඩුකිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කරන ලෙස ඉල්ලා ඔවුන් එම වර්ජනය නිරත වීමට සැලසුම් කර තිබුණි.

ඒ අනුව මෙම වර්ජනය සදහා දුම්රිය නියාමකවරුන් හා අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය සංගම් ද එක්වීමට නියමිතව සිටි බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සදහන් කළා.