hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2025 ජූනි 06, පෙ.ව. 10:22


මර්වින් සිල්වාට ඇප

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

මාර්තු මස දී ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අද (6) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.

ඒ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින්.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: