2023 ජනවාරි 24, ප.ව. 5:58
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බවට චීන අපනයන-ආනයන බැංකුව (The Export-Import Bank of China) ලිපියකින් දැනුම් දී තිබෙනවා.
අදාළ ලිපියෙහි දැක්වෙන්නේ, වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට අදාළ චීන බැංකුව ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දෙන බවයි.
එසේ ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීමට ද ඔවුන් අවශ්‍ය සහය ලබා දෙන බව එම බැංකුව දන්වා තිබෙනවා.
එම ලිපිය ජනවාරි 19 වන දාතමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයට යොමු කර ඇත්තේ.
මේ අතර, ඉන්දියාව ද මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියකින් දැනුම් දී තිබුණේ, ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දෙන බවයි.
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 11:36
2025 සැප්තැම්බර් 19, පෙ.ව. 12:31
2025 සැප්තැම්බර් 17, ප.ව. 1:41
2025 සැප්තැම්බර් 16, ප.ව. 2:30
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 9:59