hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 24, ප.ව. 5:58


ශ්‍රී ලංකාවට වසර දෙකක් ණය නොගෙවා සිටීමට චීනයෙන් අවසර

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බවට චීන අපනයන-ආනයන බැංකුව (The Export-Import Bank of China) ලිපියකින් දැනුම් දී තිබෙනවා.

අදාළ ලිපියෙහි දැක්වෙන්නේ, වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට අදාළ චීන බැංකුව ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දෙන බවයි.

එසේ ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීමට ද ඔවුන් අවශ්‍ය සහය ලබා දෙන බව එම බැංකුව දන්වා තිබෙනවා.

එම ලිපිය ජනවාරි 19 වන දාතමින් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයට යොමු කර ඇත්තේ.

මේ අතර, ඉන්දියාව ද මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියකින් දැනුම් දී තිබුණ‍ේ, ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දෙන බවයි.