hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 28, ප.ව. 2:46


ජනාධිපති මන්දිරයට ඇතුළු වූ තවත් හතරකට ඇප

ජනාධිපති මන්දිරය තුළට අයුතු ලෙස ඇතුලු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනෙකු ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසිය කියා සිටියේ ජනාධිපති මන්දිරය තුළ තිබූ මුදල් පිරිසක් ගණන් කරමින් සිටි ස්ථානයේ මෙම සැකකරුවන්ද සිටි බවයි.