hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 11:05


ධනිෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මේ වනවිට (14) ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය යොමු කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිතයි.

සිඩ්නි නුවර විවර්ලි අධිකරණය ධනිෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පසුගිය 7 වනදායි.

ඒ අනුව ඔහුව සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

ඉන් අනතුරුවයි ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: