hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 11:55



ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගත් ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔහුට ඇප ලබාදීම ඊයේ (07) සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු අතර, නඩුව ලබන වසරේ ජනවාරි 12 වනදා යලි කැදවීමට නියමිතයි.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ක්‍රිඩකයින්ට වෙන් වෙන් වශයෙන් ප්‍රිය සම්භාෂණ සදහා ආරධනා 20කට ආසන්න ප්‍රමාණයක් ලැබි තිබෙනවා.

නමුත් ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ අවසරය හිමිව ඇත්තේ හයකට පමණයි.

එහිදි ඇතැම් ක්‍රිඩකයින් කණ්ඩායම් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර තිබෙනවා.

ඉන් එක් අවස්ථාවකදි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නුවර කැසිනෝ ශාලාවකදී ඇති කරගත් ගැටුමක් පිළිබදවද මේ වන විට සමාජයේ කථාබහට ලක්වනවා.

අදාල කැසිනෝ ශාලාවේ ගැටුමේදි එය සමථයකට පත්කිරීම සදහා මැදිහත් වී ඇත්තේ දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවයි මේ වන විට වාර්තා වන්නේ.

එමෙන්ම, බහුතරයක් කි්‍රීඩකයින් එවැනි සාද වලට ගොස් යලි තමන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයට පැමිණ ඇත්තේ ද නියමිත කාලය ඉක්මවා යාමෙන් පසුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: